අද සිට ක්‍රියාත්මක කටුනායක ගුවන් තොටුපළ අවට විශේෂ රථවාහන සැලැස්ම මෙන්න

Tuesday, 03 January 2017 - 12:51

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථය නවීකරණය කිරීම හේතුවෙන් අද සිට ගුවන්තොටුපල අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

ඒ අනුව අද සිට අප්‍රේල් 06 වැනිදා දක්වා සෑම දිනකම පස්වරු 03 සිට පසුදින පෙරවරු 09 දක්වා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.

අධිවේගී මාර්ගයේ 18 කණුවෙන් කොළඹ හා හලාවත දෙස සිට පැමිණෙන වාහන, මිනුවන්ගොඩ දෙස සිට පැමිණෙන වාහන, ආයෝජන ප්‍රවර්ධන කාලපයට ඇතුළුවන සහ පිටවන වාහන  සඳහා මෙම නව සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.

කටුනායක ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ ඉදිකිරීම් ලබන 6 වන දා ආරම්භ වන අතර, එම ඉදිකිරීම් අප්‍රේල් 6 වන දා දක්වා ක්‍රියාත්මක වනු ඇති.