චමල් මහ නාහිමිවරුන් බැහැ දකී

Wednesday, 04 January 2017 - 7:25

%E0%B6%A0%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් දැනුවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ඊයේ පියවර ගෙන තිබුණා.

ඔවුන් මහ නාහිමිවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මින් සිදුවිය හැකි අහිතකර බලපෑම් සම්බන්ධයෙන් රජය දැනුවත් කරන ලෙසයි.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂය මහනුවර ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකදී ඊට එක්වූ එහි නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.

එම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම වහා නතර කරන ලෙසයි.