ලොවම කළඹමින් තවත් භූ කම්පන දෙකක් - බ්‍රිතාන්‍යයත් සෙලවෙයි

Wednesday, 04 January 2017 - 8:49

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%85%E0%B6%B9%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අද උදෑසන ෆීජි දූපත් සමුහය ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය රිච්ටර් මාපාංක 6.9ක අගයක් ගත බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූ කම්පනය සිදුව ඇත්තේ ෆීජි හි Suva ප්‍රධාන නගරයට කිලෝමීටර් 284ක් නිරිතදිග මුහුද ආශ්‍රිතව බවටයි වාර්තා වන්නේ.

අදාල භූ කම්පනයෙන් අනතුරුව එරට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත්කර ඇති අතර මේ වනවිට එම අනතුරු ඇඟවීම ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර බ්‍රිතාන්‍යයයේද සුළු භූ කම්පන තත්වයක් වාර්තා වී තිබෙනවා.

එහි අගය දක්වා ඇත්තේ රිච්ටර් මාපාංක 3.8ක් ලෙසටයි.

එම භූ කම්පනය සිදුව ඇත්තේ North Yorkshire හි සැතපුම් පහක් පමණ දුර මුහුදේ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


ෆිජි සුනාමි අනතුරු ඇඟවීම සමඟ එරට වැසියන් ආරක්‍ෂිත ස්ථාන කරා යොමු වූ අයුරු පහතින්.