අසභ්‍ය ඇඳුමෙන් අවුරුද්ද සමරන්න ගිය තරුණියන් ප්‍රසිද්ධියේ අතවරයට ලක්වූ හැටි මෙන්න

Wednesday, 04 January 2017 - 10:23

%E0%B6%85%E0%B7%83%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
2017 අවුරුදු උදාවත් සමඟ අවුරුදු සැමරුම් සදහා සහභාගී වූ ඉන්දියාවේ බැංගලෝර් හි තරුණියන් විශාල පිරිසක්  ලිංගික හිංසනයන්ට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත ස්වදේශ කටයුතු ඇමති G.Parameshwara අදහස් දක්වමින් කියා ඇත්තේ තරුණියන්ගේ සංකර ඇඳුම් ආයිත්තම් මෙම ලිංගික හිංසනයන්ට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

පසුගිය සෙනසුරාදා රාත්‍රියේ අවුරුදු උදාව සමරන අවස්ථාවේදී තරුණියන් මුහුණදුන් විවිධ හිංසනයන් දැක්වෙන ඡායාරූප සහ වාර්තා සමාජ ජාල වෙබ් අඩෙවි හරහා වාර්තා වූ අතර මේ සම්බන්ධයෙන් ඉන්දීය පොලීසිය වෙත නිල වශයෙන් පැමිණිලි කිසිවක් නොලැබී ඇති බව සදහන්.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා සිදුකල මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.