අයහපත් කාලගුණයෙන් ජීවිත අහිමි වූ ධීවරයන්ට වන්දි

Wednesday, 04 January 2017 - 12:30

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92
පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී බලපෑ අයහපත් කාලගුණයත් සමග ධීවර කටයුතු සදහා ගොස් ජීවිත අහිමි වූ ධීවරයන් දෙදෙනෙකු සදහා රුපියල් මිලියන 2ක වන්දි මුදලක් පිරිනමා තිබෙනවා.

ධීවර අමාත්‍යාංශය සදහන් කළේ පුත්තලම,කල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ධීවරයින් දෙදෙනාගේ පවුල් වෙත රුපියල් ලක්ෂ 10 බැගින් මෙම වන්දි මුදල ඊයේ ප්‍රදානය කළ බවයි.