ලංගම කොන්දොස්තරවරයෙකුට කැකිරාවේදී ප්‍රහාරයක්

Wednesday, 04 January 2017 - 14:10

%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අනුරාධපුරය, මරදන්කඩවල,තෝරුවැව ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයකට අද (04) පෙරවරුවේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

පුත්තලමේ සිට අක්කරෙයිපත්තුව දක්වා ධාවනය වෙමින් තිබූ පුත්තලම ඩිපෝවට අයත් බස් රථයකුයි මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

මෙම ලංගම බස් රථය අද පෙරවරුවේ තේ පානය සදහා වෙනත් ආපනශාලාවක් ඉදිරිපිට නවතා ඇති අතර ඊට උරණ වූ ආපනශාලා හිමිකරුවෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

පහරදීමෙන් ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා තුවාල ලබා ඇති අතර ඔහු මේ වනවිට කැකිරාව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධ සැකකරු කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සැඟව සිටි නාකොටික් IP භාරවෙයි
Tuesday, 07 July 2020 - 12:03

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය... Read More

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී අනුපාත කිසිදු වෙනසක් නෑ
Tuesday, 07 July 2020 - 11:34

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතු සඳහා ගෙවනු ලබන විශේෂ පොලී... Read More