උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් 16ක ගණුදෙනු අත්හිටුවන්නැයි නියෝගයක්

Wednesday, 04 January 2017 - 15:59

%E0%B6%8B%E0%B6%AF%E0%B6%BA%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+16%E0%B6%9A+%E0%B6%9C%E0%B6%AB%E0%B7%94%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති තානාපති උදයංග වීරතුංගට අයත් මෙරට බැංකු ගිණුම් 16 ක ගණුදෙනු අත්හිටුවන ලෙස කොළඹ - කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙම නියෝගය නිකුත් කළේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

මිග්යානා ගණුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදුකර ඇති බවට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව සිදුකරන පරීක්ෂණයට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.