චීනය සමඟ ගිවිසුම අනිවාර්යයෙන් අත්සන් කරනවා - රාජිත

Wednesday, 04 January 2017 - 18:19

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD
සැළසුම් කර ඇති පරිදි ලබන 07 වනදා හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමකට බදු දීම සම්බන්ධයෙන් වු ගිවිසුමට අත්සන් තබන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව  කියා සිටියේ.

දුෂණ වංචා විමර්ශනය කිරීම සඳහා විශේෂ අධිකරණයක් පිහිටුවීමටද කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා සඳහන් කළා.  

බොදු බලසේනා සංවිධානය සහ රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතර සබඳතාවක් තිබූ බවට හිටපු ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියා.

එහිදී අමාත්‍ය රාජිත සේනාරත්න පෙන්වා දුන්නේ  පසුගිය ආණ්ඩුව සමයේ බේරුවල ඇතිවූ ගැටුම්වලට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිව යුතු බවයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට බියක් දැක්වූ බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.





2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
Wednesday, 05 August 2020 - 7:00

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු අල්ලයි
Wednesday, 05 August 2020 - 6:50

පාතාල කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු කැළණිය... Read More

ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 6:37

ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට... Read More