හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කෙරේ

Thursday, 05 January 2017 - 7:02

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9D%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හම්බන්තොට මාගම්පුර වරාය චීනයට පැවරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඊයෙත් මහා සංඝරත්නය දැනුවත් කිරීමට පියවර ගත්තා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මින් සිදුවිය හැකි අහිතකර බලපෑම් සම්බන්ධයෙන් රජය දැනුවත් කරන ලෙසයි.

අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහනාහිමියන් ඊයේ පස්වරුවේ හමුවු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා.

පුජ්‍ය අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමි - අමරපුර නිකාය

- හම්බන්තොට වරාය සහ අවට ගම් චීන සමාගමකට ගිවිසුමක් පිට දීමට අදහස් කිරීම ගැන මාගේ අමනාපය ප්‍රකාශ කරනවා.පාර්ලිමේන්තුවෙත් කැබිනට්ටුවෙත් සාකච්ඡා කරලා ක්‍රියාවේ යෙදෙන්නට උවමනා කරන්නේ.එසේ නැතුව හිතුවක්කාර අන්දමින් එකපාරටම කටයුතු කිරීම ගැන අපගේ බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරනවා.

චමල් රාජපක්ෂ - පා.ම - එක්සත් ජනතා නිදහස් සන්ධානය

- මේ ගිවිසුමේ භයානකකම තේරුම් අරගෙන තමා මේ විශාල පිරිසක් අද මේ විරෝධය පාන්නේ.අනාගතයේදි විය හැකි අනතුර අපි අවබෝද කර ගන්න ඕනි.ඒ නිසා අපි පළමුවෙන්ම ඉල්ලා සිටින්නේ ගිවිසුම පිළිබද අවබෝදයක් ලබාගැනීම සඳහා ගිවිසුම පාර්ලිමේනතුවට ඉදිරිපත් කරන්න.එතකොට අපිට පුළුවන් අහිතිකර වගන්ති තියෙනවා නම් ඒවා ඉවත් කරලා සංවර්ධන කටයුතු සදහා අපේ සහයෝගය ලබා දෙන්න.


මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහනාහිමියන්ද ඊයේ මුණගැසුනා.

අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නාහිමි - රාමඤ්ඤ නිකාය

- මහාපරිමාණ වැඩක් මහා කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට යද්දී ඒ කාරණය මහජනයාට අවබෝධයක් තියෙන්න ඕනේ. අවබෝධයක් නැති වුනොත් මහ විනාශයක් වෙන්න ඉඩ තියෙනවා. පරම්පරා 7ක් ඉවරයිනේ නේද? දැන් 7වෙනිදා අත්සන් කරනවනම් ඒක ටිකක් නවත්තන්න ඕනේ. නවත්තලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මහජනයා දැනුවත් කරලා ඊටපස්සේ අදහස් කරන දෙයක් කරන්න පුළුවන්නේ සාකච්ඡාවෙන් පස්සේ.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් ඊයේ පස්වරුවේ අගරදගුරු මැල්කම් කාදිනල්රංජිත් හිමිපාණන් හමුවී හම්බන්තොට වරාය පැවරීම පිළිබද උන්වහන්සේ දැනුවත් කරනු ලැබුවා.

ඩලස් අලහප්පේරුම

- ජනතාවට හෙළිදරව් නොකර කැබිනට්ටුවේ සාකච්ඡා නොකර, පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර නොකර සිදුවන දේ පිළිබදව එතුමන්ගේ වික්ෂිප්තභාවය ප්‍රකාශ කරමින් අපිට අවධාරණය කළේ ඒ පිළිබදව අපි සන්තකයේ තිබෙන තොරතුරුවලින් ජනතාව දැනුවත් කරන්න කියලා. උන්වහන්සේ කිව්වේ තෛනිකායික හිමිවරුන් සමගත් සාකච්ඡා කරලා පොදු එකගතාවයට ආගමික නායකයන්වහන්සේලා විදිහට පැමිණෙන්නට කටයුතු කරනවා කියලා.




කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ප්‍රතිඵල නිකුත් වෙයි
Thursday, 06 August 2020 - 21:44

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ඡන්ද ප්‍රතිඵල මේවන විට ප්‍රකාශයට... Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More

ඉන්දීය අගමැති, අගමැති මහින්දට සුබ පතයි
Thursday, 06 August 2020 - 21:09

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය මහින්ද... Read More