හම්බන්තොට වරාය ගිවිසුම කල් යයි

Thursday, 05 January 2017 - 7:31

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීම මේ මස අගදී සිදුවීමට නියමිත බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ගිවිසුම කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර අනුමැතිය ලබා ගත් පසුව, නීතිපතිවරයාට ඉදිරිපත් කර උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව, ගිවිසුම අත්සන් කරන බවයි.

හම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීම පිළිබඳ ගිවිසුම සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා ඇමති අනුකමිටුවක් ද පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අමාත්‍යවරයා සඳහන් කළේ දක්ෂිණ සංවර්ධන ආර්ථික කලාපයේ වැඩකටයුතු ආරම්භ කිරීම අනිද්දා දිනයේදී සිදුකිරීමට නියමිත බවයි.

මේ අතර, දක්ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අක්කර 15000ක් චීනයට පවරාදෙන බවට පළවන වාර්තා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සංවර්ධන සැලස්ම එරෙහිව ජනමතයක් ගොඩනැංවීමේ කූඨ සැලැස්මක් බංකොලොත් දේශපාලනඥයින් පිරිසක් විසින් දියත් කරමින් සිටින බවටයි.

අදාල සංවර්ධන වැඩපිළිවෙලට හම්බන්තොටින්, මාතරින් සහ මොනරාගලින් පිළිවෙලින් අක්කර 1200, 2000 සහ 7000 බැගින් ඉඩම් හදුනාගැනීම සිදු කර ඇති බවද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම දකුණේ සංවර්ධන පිළිබඳව අත්සන් තබන ගිවිසුම් සම්බන්ධයෙන් ක්‍රමානුකුලව මහානායක හිමිවරුන් දැනුවත් කිරිමට කටයුතු කරන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම, රජයේ හෝ පුද්ගලික ඉඩම් පවරා ගැනීමේදී බෞද්ධ හෝ වෙනත් ආගමික සිද්ධස්ථානයකට බලපෑම් සිදුනොවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.