උදෑසන සහ රාත්‍රියේ දැඩි සීතලක් ඇතිවීමට හේතුව මෙන්න

Thursday, 05 January 2017 - 7:35

%E0%B6%8B%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B7%93%E0%B6%AD%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණයත් හේතුවෙන් උදෑසන සහ රාත්‍රී කාලයේ දැඩි සීතලක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට ඉදිරි දින කිහිපය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම, ඇතැම් ප්‍රදේශවල උදය කාලයේ මීදුම් සහිත තත්ත්වයක් ද අපේක්ෂා කළ හැකි බව ද  ඔවුන් සඳහන් කළා.