ඉන්දීය ධීවරයින් ගැන විදේශ ලේකම්ගෙන් සහතිකයක්

Thursday, 05 January 2017 - 8:32

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය ධීවරයින් අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ නීතිවිරෝධී අන්දමින් මසුන් මැරීම නතර කිරීම සඳහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවට ඉන්දීය විදේශ ලේකම් සන්ජේ බන්ඩෙයි සහතික වී තිබෙනවා.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම්වරයා ඊයේ (04) යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අතර එහිදී උතුරේ දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධානවල නියෝජිතයින්ද හමුවූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම ඉන්දීය ආධාර මත උතුරේ සිදු කෙරෙන විවිධ ව්‍යාපෘති රැසක්ද ඔහු නිරීක්ෂණයට ලක් කළා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ ලේකම්වරයා සඳහන් කළේ ඉන්දීය ධීවරයින්ට ගැඹුරු මුහුදේ මසුන් මරන ආකාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට තීරණය කර ඇති බවයි.

එම වැඩපිළිවෙල සාර්ථක වීමෙන් පසුව ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට නොපැමිණෙන බවට තමන්ට සහතිකයක්ද ලබාදීමට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.