ඉන්දීය ධීවරයින් ගැන විදේශ ලේකම්ගෙන් සහතිකයක්

Thursday, 05 January 2017 - 8:32

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දීය ධීවරයින් අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණ නීතිවිරෝධී අන්දමින් මසුන් මැරීම නතර කිරීම සඳහා ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවට ඉන්දීය විදේශ ලේකම් සන්ජේ බන්ඩෙයි සහතික වී තිබෙනවා.

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම්වරයා ඊයේ (04) යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අතර එහිදී උතුරේ දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධානවල නියෝජිතයින්ද හමුවූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම ඉන්දීය ආධාර මත උතුරේ සිදු කෙරෙන විවිධ ව්‍යාපෘති රැසක්ද ඔහු නිරීක්ෂණයට ලක් කළා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ ලේකම්වරයා සඳහන් කළේ ඉන්දීය ධීවරයින්ට ගැඹුරු මුහුදේ මසුන් මරන ආකාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීමට තීරණය කර ඇති බවයි.

එම වැඩපිළිවෙල සාර්ථක වීමෙන් පසුව ඉන්දීය ධීවරයින් උතුරු මුහුදු සීමාවට නොපැමිණෙන බවට තමන්ට සහතිකයක්ද ලබාදීමට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.


මහනුවරදී ජනපති අතටම අද ලැබුණු අලුත්ම උපකරණය මෙන්න (වීඩියෝ)
Monday, 13 July 2020 - 17:55

මහනුවරදී ජනපති අතටම අද ලැබුණු අලුත්ම උපකරණය මෙන්න (වීඩියෝ)රැහැන්... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවෙයි
Monday, 13 July 2020 - 17:43

තවත් කොරෝනා ආසාදිතයන් 14 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

සැමියාට පොල්ලකින් පහරදුන් බිරිඳ අත්අඩංගුවට
Monday, 13 July 2020 - 17:37

තම සැමියාට පොල්ලකින් පහරදී තුවාල සිදු කළ බිරිඳක් කටුනායක... Read More