50වෙනි වරට ලංකාවට පැමිණි අපූරු සංචාරකයා (ඡායාරූප)

Thursday, 05 January 2017 - 12:53

50%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සෑම වසරකම ශ්‍රී ලංකාවේ සංචාරයක් සිදුකරන සංචාරකයෙකු අද උදෑසන මෙම වසරේ සිය 50 වැනි සංචාරය සඳහා අද උදෑසන ලංකාවට පැමිණියා.

මෙලෙස ලංකාවට පැමිණියේ  72 හැවිරිදි කයි සැන්ඩර් ජේසන් නැමැති සංචාරකයායි.

ඔහු ඩෙන්මාර්ක් ජාතිකයෙක්.

1974 වසරේ මුල්ම වතාවට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර 1977 වසරේ සිට වසරකට දෙවතාවක් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාද ඇති බවටයි වාර්තා වන්නේ.

කයි සැන්ඩර් මහතා ඩෙන්මාර්කයේ බ්‍රෙඩ් බෝ පළාතේ ගණකාධිකාරි වරයෙකු ලෙස රාජ්‍ය රැකියාවක නියුතුව සිට විශ්‍රාම ගොස් ඇති අයෙක්.

ඔහු ශ්‍රී ලංකාවේ ඇති සුන්දරත්වය හේතුවෙන් මෙලෙස අවුරුද්දකට වරක් නොකඩවා ලංකාවේ සංචාරයේ නිරත වන බවටයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.