යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය කල් යයි

Thursday, 05 January 2017 - 12:58

%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මේ මස 9,10,11 තෙදින තුළ නියමිතව තිබූ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විවාදය කල් දමා තිබෙනවා.

අද පෙරවරුවේ රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මෙම තීරණය ගත් බවයි එහි ලේකම් මෙන්ම, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල කියා සිටියේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් පත් කළ අනුකමිටු හයේ වාර්තා පසුගියදා පාර්ලිමේන්තුවට භාර දෙනු ලැබුවා.

ඒ අනුව, 9,10,11 දින තුනේදී එය විවාද කිරීමටයි මුලින් තීරණය කළේ.

කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව මගින් සකස් කරන අතුරු වාර්තාව ද අධ්‍යයනය කර එකඟතා ලබා ගැනීමෙන් අනතුරුව එය විවාද කිරීම සුදුසු බවට තීරණය වී තිබෙනවා.


2020 මහා මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹෙයි
Wednesday, 05 August 2020 - 7:00

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු අල්ලයි
Wednesday, 05 August 2020 - 6:50

පාතාල කල්ලි සාමාජික කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු කැළණිය... Read More

ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 6:37

ලෙබනන්හි බේරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 73 දෙනෙකුට... Read More