ලොතරැයි වර්ජනය අවසන් - පාඩුව කෝටි 30 ඉක්මවයි

Thursday, 05 January 2017 - 18:43

%E0%B6%BD%E0%B7%9C%E0%B6%AD%E0%B6%BB%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+30+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව, දින 5 ක් පුරා ක්‍රියාත්මක කළ වර්ජනය අවසන් කිරීමට ලොතරැයි අලෙවි නියෝජිතයින් තීරණය කර තිබෙනවා.

ලොතරැයි පතක මිල රුපියල් 30 දක්වා ඉහළ නැංවීම සහ අලෙවි නියෝජිතයින්ට ලබාදෙන කොමිස් මුදල් වැඩි නොකිරීමට එරෙහිවයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින් වර්ජනය දියත් කළේ.

තම ඉල්ලීම්වලට කඩිනමින් විසඳුම් ලබාදෙන බවට ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අවසන් කළ බවයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන්ත මාරඹගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

වර්ජනය හේතුවෙන් රුපියල් කෝටි 30 කට වැඩි මුදලක පාඩුවක් රජයට සිදුව ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත්, හෙට (06) සිට දිවයින පුරා ලොතරැයි අලෙවි කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.