කටුනායක ගුවන් තොටුපල අද සිට පැය 8 ක් වැසේ

Friday, 06 January 2017 - 7:07

%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+8+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
අද සිට අප්‍රේල් 06 වනදා දක්වා මාස 03 ක කාලයකට දිනකට පැය 08 ක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල වසා තැබෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.

ගුවන් තොටුපල ප්‍රතිසංස්කරණ කටයුතු චීන සමාගමක් විසින් සිදුකරන අතර, ඒ සඳහා වැයවන මුදල රුපියල් කෝටි 720 ක්.

මේ අනුව, උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ ගුවන් තොටුපල වසා තැබීමට නියමිතයි.

එබැවින් ගුවන් ගතවීමට නියමිත මගීන් පිටත්ව යාමට නියමිත වේලාවට පැය 05 කට පෙර ගුවන් තොටුපලට පැමිණෙන ලෙසද ගුවන්තොටුපල බලධාරින් ඉල්ලීමක් කරනවා.

ගුවන් තොටුපල වසා තැබෙන කාලසීමාව තුළ දිනකට ගුවන් වාර විස්සක් පමණ අවලංගු කෙරෙනු ඇති.   

එමෙන්ම, කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ කවුලූවද ජනවාරි පළමුවනදා සිට නැවත දැනුම්දෙන තුරු වසා දමා තිබෙනවා.

ඒ අනුව විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රී ලාංකිකයන් අදාළ ලියාපදිංචිකිරීම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය කාර්යාලවලින් සිදුකළ යුතුයි.

මේ අතර, කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථය නවීකරණය කිරීම හේතුවෙන් ගුවන්තොටුපල අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.

ඒ අනුව අප්‍රේල් 06 වැනිදා දක්වා සෑම දිනකම පස්වරු 03 සිට පසුදින පෙරවරු 09 දක්වා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.

අධිවේගී මාර්ගයේ 18 කණුවෙන් කොළඹ හා හලාවත දෙස සිට පැමිණෙන වාහන, මිනුවන්ගොඩ දෙස සිට පැමිණෙන වාහන, ආයෝජන ප්‍රවර්ධන කාලපයට ඇතුළුවන සහ පිටවන වාහන සඳහා මෙම නව සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.