ඩෙංගු මදුරුවන් බෝ කළ 8 දෙනෙකු අධිකරණයට

Friday, 06 January 2017 - 8:39

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%9A%E0%B7%85+8+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
ඩෙංගු මදුරුවන් බෝ වන ආකාරයට තම නිවස අවට ගෙවත්ත අපිරිසිදුව තබා ගත් පුද්ගලයන් 8 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.

ඔවුන් හදුනාගෙන ඇත්තේ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන ප්‍රදේශවල සිදුකරන ලද පරික්ෂා කිරීම්වලදීයි.

අධිකරණයට ඉදිරිපත් කළ එම පුද්ගලයන් 8 දෙනාට එක් අයෙකුට රුපියල් 3000 බැගින් දඩ මුදලක් නියම කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.