ඉන්දීය ධීවරයින් නිදහස් කරන්නැයි චින්නම්මාත් ඉල්ලයි

Friday, 06 January 2017 - 12:15

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
තමිල්නාඩුවේ හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම්ගේ මරණයෙන් පසු ඇගේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂයේ මහලේකම් ධුරයට පත් වූ ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා මෙරට අත්අඩංගුවේ පසුවන තමිල්නාඩු ධීවරයන් නිදහස් කරන ලෙස සිය ප්‍රථම ප්‍රකාශය නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සදහන් කළේ තෛපොංගල් උත්සවයට පෙර ඔවුන් නිදහස් කිරීමට ලක් රජය පියවර ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.

සුහදතාව පළ කිරීමේ පියවරක් ලෙස එලෙස ඔවුන් නිදහස් කරන ලෙසයි ශෂිකලා ලක් රජයෙන් ඉල්ලා සිටියේ.

එමෙන්ම නරේන්ද්‍ර මෝදි රජය ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන තමිල්නාඩු ධීවරයින් නිදහස් කර ගැනීම සදහා කටයුතු කළ යුතු බව ද ඇය අවධාරණය කළා. ඇය සදහන් කරන පරිදි තමිල්නාඩු ධීවරයින් 61 දෙනෙකු සහ ධීවර යාත්‍රා 116 ක් මේ වනවිට ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවනවා.

ජයලලිතා ජයරාම් මෙන්ම ශෂිකලා නටරාජන් ද කියා සිටියේ කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට පැවරීම ඉන්දීය ධීවරයින් මුහුණදෙන ගැටලූවලට ප්‍රධාන හේතුව බවයි.

ශෂිකලා නටරාජන් හෙවත් චින්නම්මා තමිල්නාඩුවේ මහඇමතිනිය නොවුව ද ප්‍රාන්ත රජයේ කටයුතු සියල්ලක්ම පාහේ සිදුවන්නේ ඇගේ අධීක්ෂණයෙන්.

පක්ෂ මහලේකම් ධුරයට පත්වූ අවස්ථාවේදී ඇය සදහන් කළේ තමා ජයලලිතාගේ ප්‍රතිපත්ති කිසිදු වෙනසකින් තොරව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවයි.


ආරක්ෂාවට පොලීසියෙන් 82,000 ක්  - පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායත් සේවයේ
Wednesday, 05 August 2020 - 7:56

ඡන්ද විමසීම සිදු කෙරෙන අද දිනයේ, ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්... Read More

සෞඛ්‍ය නීතිරීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට යන්න - මහින්ද දේශප්‍රිය
Wednesday, 05 August 2020 - 7:38

සෞඛ්‍ය නීති රීති පිළිපදිමින් උදෑසනින් ඡන්දපොළට ගොස් ඡන්දය... Read More

ඊයේ කොරෝනා ආසාදිතයින් 06 ක් - ලොව පුරා මරණ හත්ලක්ෂය ඉක්මවයි
Wednesday, 05 August 2020 - 7:34

ලොව පුරා කොරෝනා ආසාදිතයින් එක්කෝටි 86 ලක්ෂ 83,575ක් දක්වා ඉහළ ගොස්... Read More