ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේ - ජනපති

Friday, 06 January 2017 - 12:27

%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B4%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
වත්මන් රජය කෙටි කාලයක් තුළ ජාත්‍යන්තරය සමග ශ්‍රී ලංකාවේ සබදතා තහවුරු කිරීමට කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

මහනුවර - දොඩංවල පාලම විවෘත කිරීමේ උත්සවයට අද (06) පෙරවරුවේ සහභාගි වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට අතිශයෙන් වැදගත් වන ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ඉදිරි සතියේදී බොහෝදුරට නැවතත් ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවයි.

ගෙවුණු කාලසීමාව තුළ රට හමුවේ ගොඩනැගී තිබූ අභියෝග සහ බාධාවන් ඉවත් කර ගැනීමට හැකිවූ බව ද ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් සදහන් කළා.