වසීම් තාජුඩීන්ගේ රථය පිටුපසින් පැමිණි පුද්ගලයෙකු ගැන අධිකරණයේදී හෙළිදරව්වක්

Friday, 06 January 2017 - 13:00

%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%A2%E0%B7%94%E0%B6%A9%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගමන් ගත් මෝටර් රථයකට පිටුපසින් පැමිණි වාහනයේ සිටි පුද්ගලයෙකු පිළිබදව තොරතුරු ලැබී ඇති බව අද අධිකරණයේදී අනාවරණ වුණා.

ඒ තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද විභාගයට ගත් අවස්ථාවේදීයි.

ඒ පිළිබදව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි රජය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතීඥයා කියා සිටියේ.

කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජේ. ට්‍රොස්කි මේ සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුජිත් චම්පික පෙරේරා ලබන 19 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.