බංග්ලාදේශ අවන්හලකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු මරුට

Friday, 06 January 2017 - 13:12

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B7%84%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බංග්ලාදේශයේ ඩකා අගනුවර විදේශිකයන් අතර ප්‍රචලිත අවන්හලකට පසුගිය ජූලි මාසයේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු අද අලූයම් කාලයේ සිදුකළ මෙහෙයුමකදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

නූරුල් - ඉස්ලාම් මර්සාන් නමැති ඔහු සමග තවත් අයෙකු මියගොස් ඇති අතර, ඩකා නුවර රේයර් බසාර් වීථියේදී මෙම අවි ගැටුම සිදුවූ බවයි බංග්ලාදේශ පොලිසිය සදහන් කළේ.

පසුගිය ජූලි මාසයේ ඩකා අවන්හලට එල්ල වූ ප්‍රහාරයේදී විදේශික ප්‍රාණ ඇපකරුවන් ඇතුළු 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.