මහනුවර දිස්ත්‍රික් ලියාපදිංචි වෛද්‍ය වර්ජනය දිග්ගැස්සෙන ලකුණු

Saturday, 07 January 2017 - 12:39

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%99%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
සිය ඉල්ලීම්වලට ලබන සඳුදා වනවිට නිසි පිළිතුරක් නොලැබුණහොත් මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය මධ්‍යම පළාතම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරන බව දිස්ත්‍රික් ලියාපදිංචි හා සහකාර වෛද්‍ය නිලධාරි සංගමය පවසනවා.

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ පරිපාලනයට විරෝධය දක්වමින් එම සංගමය ආරම්භ කළ වර්ජනයට අදට දින තුනක් ගතවනවා.

මේ අතර, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල්වල කටයුතුවලට බලපෑමක් එල්ල වී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, මෙම ගැටලුව සම්බන්ධයෙන් ඊයේ දිනයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායකගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුව ද එය විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා.

මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ,අප කළ විමසීමකදී සදහන් කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩිනමින් විසදුමක් ලබාදීමට අපේක්ෂා කරන බවයි.