පොරොන්දු වූ ලෙස නොලැබුණු භූමිතෙල් සහනය හිරුගේ මැදිහත්වීමෙන් ජනතාවට

Saturday, 07 January 2017 - 12:49

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
මෙවර අයවැය මගින් ජනවාරි 1 වන දා සිට දැනට පවතින රුපියල් 49ක් වන භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් අඩු කරන බවට ප්‍රකාශ කළ ද මේ දක්වා භූමි තෙල් මිල අඩු වී නොමැති බව ජනතාව පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අද වන විටත් වෙළදපොළේ භූමි තෙල් ලීටරයක් රුපියල් 49ක් බවයි.

නව මිල අඩුවීමත් සමඟ එය රුපියල් 44ක් විය යුතුයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ඉන්ධන සැල් කිහිපයකින් ද විමසා සිටියා.

ඔවුන් සඳහන් කළේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් තමන්ට භූමි තෙල් ලැබෙනුයේ පැරණි මිල ගණන් යටතේ බවයි.

අදාළ කරුණ සම්බන්ධයෙන් අප විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩිගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ මිල අඩු නොකිරීම සම්බන්ධයෙන් තමන් නොදැන සිටි බවයි.

ඒ පිළිබදව තමන්ගේ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට සිය ස්තූතිය පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ කඩිනමින් භූමි තෙල් මිල අඩු කිරීමට අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදෙන බවයි.

ඉකුත් නොවැම්බර් මස 10 වන දා මුදල් අමාත්‍ය රවී කරුණානායක 2017 වර්ෂය සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කළ අතර එහිදී ගෑස්, භූමි තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 7ක මිල අඩු කරන බව ප්‍රකාශ කළා.

ඊට අමතරව ජනතාවට වැදගත් සහන රැසක් ලබාදෙන බවයි ඔහු කියා සිටියේ.