අඹගමුවේ ගෘහ භාණ්ඩ අලෙවිසැලක ගින්නක්

Saturday, 07 January 2017 - 15:43

%E0%B6%85%E0%B6%B9%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%98%E0%B7%84+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ගිනිගත්හේන - අඹගමුව ප්‍රදේශයේ පිහිටි ගෘහ භාණ්ඩ අලෙවිසැලක අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් එම වෙළඳසැලට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.