මෙවර උසස් පෙළින් වෛද්‍ය පීඨයට වැඩිපුර සිසුන් 50 ක්

Saturday, 07 January 2017 - 18:09

%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+50+%E0%B6%9A%E0%B7%8A
2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (07) අන්තර්ජාලයට නිකුත් කෙරුණා.

කොළඹින් බැහැර ප්‍රදේශවල අයදුම්කරුවන් වැඩි පිරිසක් උසස් ප්‍රතිඵල ලබා ගැනීම මෙවර විශේෂත්වයක්.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර සදහන් කළේ නැවත සමීක්ෂණ සදහා අපේක්ෂා කරන්නේ නම් ලබන 23 වනදාට පෙර අයදුම්පත් යොමුකරනා ලෙසයි.

අපේක්ෂකයින් දෙලක්ෂ 63,550 දෙනෙකු මෙවර විභාගය සදහා පෙනී සිටියා.

ඉන් ජෛවීය විද්‍යා විෂය යටතේ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගත්තේ මාතර - රාහුල විද්‍යාලයේ ආර්.ජී. නිසල් පුන්සර සිසුවායි.

එම විෂය ධාරාවෙන් දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි ත්‍රිකුණාමලය - කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ එම්.රොෂාන් අක්තාර් දෙවන ස්ථානය ද, කේ.ක්ලෙරින් දිලූජාන් තුන්වන ස්ථානය ද හිමිකර ගත්තා.

භෞතික විද්‍යා විෂය ධාරාව යටතේ පළමු ස්ථානය කුරුණෑගල - මලියදේව බාලිකා මහා විද්‍යාලයේ කේ.ඞී.එම්.අමායා ධර්මසිරි හිමිකර ගත්තා.

දෙවන ස්ථානය ගාල්ල - රිච්මන්ඩ් විද්‍යාලයේ යූ.ජී.චතුර ජයසංඛ ද, කොළඹ රාජකීය විද්‍යාලයේ එම්.බී. සවිදු දිමාල් තුන්වන ස්ථානය ද හිමිකර ගත්තා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ එම්.එම්.ඒ මුදිත අකලංක වානිජ්‍ය විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් වුණා.

කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ටී.එම්.ඔනිල් වින්දුල දෙවන ස්ථානය ද, හිගුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ ජී.ජී.ඒ නිපුනි ධනංජනී තුන්වන ස්ථානය ද හිමිකර ගත්තා.

මහනුවර - උසස් බාලිකා විද්‍යාලයේ ඉන්ධීවරී ගවරම්මන ශිෂ්‍යාව කලා විෂය ධාරාව යටතේ පළමු ස්ථානය ද, යාපනය - මනිපායි හින්දු විද්‍යාලයේ පද්මනාදන් කුරුකරොෂාන් දෙවන ස්ථානය ද , කිරිබත්ගොඩ විහාර මහාදේවි බාලිකා විද්‍යාලයේ යූ.ඩබ්ලිව්.අමන්දා පාරමී තුන්වන ස්ථානය ද හිමිකර ගත්තා.

තාක්ෂණික විෂය ධාරාව යටතේ ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂය ධාරාවන් යටතේ විභාගය පැවැත්වුණා.

ඉන් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගත්තේ දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි යාපනය - චුන්නාක්කම්, - ස්කන්දවාරෝදය විද්‍යාලයේ කනක සුන්දරම් ජතුල් සජාන් සිසුවායි.

එහි දෙවන ස්ථානය මාතලේ විද්‍යා විද්‍යාලයේ කේ.ඩබ්ලිව්. නිසල් කොබ්බෑකඩුවට හිමිවූ අතර තුන්වන ස්ථානය ගම්පහ - රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ ආර්.ජී.සන්දීප අංජලී සිසුවිය හිමිකර ගත්තා.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ කෑගල්ල - ස්වර්ණජයන්ති මහා විද්‍යාලයේ කේ.මලිති ශෂිකලා සිසුවියයි.

කොළඹ - දේවි බාලිකා මහා විද්‍යාලයේ මයුමි තත්සරණී දෙවන ස්ථානය ද දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි මඩකලපුව - ඔඩ්ඩමාවලී මහා විද්‍යාලයේ ඉල්යාස් ෆාතිමා තුන්වන ස්ථානය ද ලබා ගත්තා.

පොදු වෙනත් විෂය ධාරාව යටතේ දිවයිනේ පළමු ස්ථානය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටි කොළඹ - මියුසියස් විද්‍යාලයේ තිලාරා ඒකනායක දිනා ගත්තා.

පොදු වෙනත් විෂය ධාරාව යටතේ පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් වූ එම්.ඩී.ධනංජය විමුක්ති දෙවන ස්ථානය ද, කේ.ජී.එස්.ජී ලහිරු සසංක තුන්වන ස්ථානය ද හිමිකර ගත්තා.

මේ අතර විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා කියා සිටියේ නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව මෙවර වෛද්‍යපිඨ සදහා සිසුන් 50 දෙනෙකු වැඩිපුර බදවා ගැනීමට තීරණය කර ඇති බවයි.