හම්බන්තොට ආයෝජන කලාපයෙන් රැකියා ලක්ෂයක් - චීනය කියයි

Saturday, 07 January 2017 - 18:31

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට ඉදිවන ශ්‍රී ලංකා - චීන කර්මාන්ත කලාපය තුළින් නව රැකියා ලක්ෂයක් පමණ බිහිවනු ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති යි ෂියැංලියැන් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අදාළ කර්මාන්ත පුරයද ඇතුළත් දක්ෂිණ සංවර්ධන වැඩසටහන එළිදැක්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට - මිරිඡ්ඡුවිල අද (07) පැවති උත්සවය අමතමින්.

උත්සවය ඇමතූ වාරිමාර්ග අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා ඉල්ලා සිටියේ මෙම ව්‍යාපෘතිය හම්බන්තොටට අනවශ්‍ය බව යමෙකු ප්‍රකාශ කරන්නේ නම්, එය මොණරාගල දිස්ත්‍රික්කයට ලබාදෙන ලෙසයි.

උත්සවයට එක්වු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නද ප්‍රකාශ කළේ මෙවැනි ආයෝජන සිදුනොකළහොත් ජනතාවට බදු බර පැටවීමට සිදුවන බවයි.

ව්‍යාපෘතියෙන් හම්බන්තොට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රයක් වනු ඇති බව චීන තානාපති යි ෂියැංලියැන් කියා සිටියා. එමෙන්ම, බිලියන 05 ක ආයෝජන ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවද චීන තානාපතිවරයා එහිදී සඳහන් කළා.

උත්සවය ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ හම්බන්තොටට කර්මාන්ත පුරයක් අවශ්‍ය බව මුලින්ම හඳුනා ගත්තේ හිටපු ජනාධිපතිවරයා බවයි.

හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ දෙවන අදියර සම්බන්ධයෙන් 2014 වසරේදී චීන ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අතර ගිවිසුමක් අත්සන් කළ බවයි අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේ.

මේ වනවිට එක්සිම් බැංකුවට බිලියන 1.4 ක ණයක් ගෙවීමට ඇති බවත්, එය ගෙවීම සඳහා මුදල් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව වැඩියෙන්ම මුදල් ලැබෙන ගිවිසුම ලෙස චයිනා මර්චන්ට් සමාගම සමඟ ගිවිසුම්ගතවීමෙන් බිලියනයක මුදලක් සොයාගත හැකි වූ බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

කර්මාන්ත පුරය සඳහා විහාරස්ථාන, පුරාවිද්‍යා ඉඩම් ලබා නොගත් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ හිටපු කතානායකවරයාට සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයාට අදාළ ඉඩම් තෝරාගන්නා ලෙස දැනුම් දුන් බවයි.