එජාපය, සංහිඳියාවට බාධා කළ බව චන්ද්‍රිකා කියයි

Wednesday, 11 January 2017 - 7:37

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%2C+%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමන් නව ව්‍යවස්ථාවක් ගෙන එමින් සංහිඳියාව ඇති කිරීමට උත්සාහ කිරීමේදී එවක සිටි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඊට එරෙහිව කටයුතු කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග පවසනවා.

ඇය මේ බව කියා සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි නොකිරීමට නිදහස් පක්ෂය තීන්දුවක් ගෙන නැතැයි  ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළා.