වාර්ෂික ගෝලීය දුෂණ සංජානන දර්ශකයේ 2016 වාර්තාවට අනුව 95 වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසිනුයි මෙම වාර්තාව වාර්ෂිකව එළිදක්වනු ලබන්නේ.
2015 වසරේ මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව තිබුනේ 83 වන ස්ථානයයි.
මෙවර සමීක්ෂණයට රටවල් 176 ක් යොදාගෙන තිබෙනවා.
කිසියම් රටක් කෙතරම් දුරකට දුෂිත ද නැත් ද යන්න සම්බන්ධයෙන් මෙම අධ්‍යයනයේදී හෙළිවන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශකර තිබෙනවා.
මෙම සමීක්ෂණයේදී ඩෙන්මාර්කය සහ නවසීලන්තය දුෂිත බවින් අඩුම රටවල් බවටයි පත්වී ඇත්තේ.
වර්ගීකරණය අනුව දුෂිතම රට ලෙසට සටහන් වී ඇත්තේ සෝමාලියාවයි. ඉන්දියාව මෙම ලැයිස්තුවේ 79 වන ස්ථානයේ පසුවනවා.

Follow US

Most Viewed Stories