ලහිරු වීරසේකර ලබන මස 9 දක්වා රිමාන්ඩ්

Thursday, 26 January 2017 - 12:19

%E0%B6%BD%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83+9+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පෙබරවාරි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන්.

මීට පෙර මොහුට ඇප ලබාදීමේදී විරෝධතාවලට සහභාගී නොවන ලෙස කොන්දේසියක් පනවා තිබුණා.

එහෙත් පසුගිය 19 වනදා එම ඇප කොන්දේසිය කඩකරමින් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පා ගමනක නිරතවූ බවට පොලීසිය අද අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබූ අතර ඒ අනුවයි මොහු අත්අඩංගුවට ගෙන මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

මීට අමතරව මෙම විරෝධතාව අතරතුර මීට පෙර අත්අඩංගුවට ගැනුනු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් හත්දෙනාට අධිකරණය අද රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදාහැරියා.

මේ අතර මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීමට සරසවි සිසුන් පිරිසක් අද පෙරවරුවේ ජාතික හෙළ උරුමය හමුවුණා. 


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More