ගබ්සා සිදුකිරීම සම්බන්ධ නීතියේ සිදුවන වෙනස ?

Wednesday, 01 February 2017 - 13:04

%E0%B6%9C%E0%B6%B6%E0%B7%8A%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%3F
අවසර ලත් ඉඩ ප්‍රස්ථා යටතේ ගබ්සාවන් සිදුකළ හැකි ආකාරයට දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය සූදානම් වනවා.

මීට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීම සදහා නීතිඥවරුන්ගෙන් සමන්විත කමිටුවක් ද පත් කර තිබෙනවා.

එහි සභාපතීත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බී.පී. අලුවිහාරේ විසින් දරනු ඇති.

ඒ අනුව දූෂණයට ලක්වන හෝ එවැනි අවස්ථාවක වින්දිතයෙකු වන වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයෙකුගේ ගර්භනීයභාවය සහ කළල දුබලතා පවතින අවස්ථාවකදී වෛද්‍ය හේතූන් මත ගබ්සා කර ගැනීමට අවසර හිමි වන පරිදි නීති සංශෝධනය කිරීම කෙරෙහි අධිකරණ අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙනවා.

ඒ පිලිබදව අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කර ඇති බවයි නීති ආධාර කොමිසමේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ.ආර්. ද සිල්වා සදහන් කළේ.