ආබාධිත පොලිස් නිලධාරීන් පිරිසක් නිසා දැඩි රථවාහන තදබදයක්

Thursday, 02 February 2017 - 13:24

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විශ්‍රාම වැටුප් සහ උසස්වීම් ලබාදෙන ලෙස ඉල්ලා පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් මේ වනවිට කොටුව දුම්රියපල ඉදිරිපිටදී විරෝධතාවක නිරතවනවා.

ශ්‍රී ලංකා පොලිස් යුද ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ සභාපති අසේල කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අවස්ථා කිහිපයකදීම පොලිස් දෙපාර්තමේන්තුව තමන්ට ලබාදිය යුතු උසස්විම් සහ විශ්‍රාම වැටුප් ගෙවීම් කල්දමමින් සිටින බවයි.

කෙසේ වෙතත් රජය පසුගියදා ප්‍රකාශ කළේ ආබාධිත රණවිරුවන්ගේ සේවා විශ්‍රාම වැටුප මෙම මාසයේ සිට ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව වසර 10 ක සේවා කාලය සම්පූර්ණ නොකළ නිලධාරින්ට සහ වසර 12 ක් සම්පූර්ණ නොකළ  සෙසු නිළයන් සඳහා මෙම විශ්‍රාම වැටුප ලබාදීමට කටයුතු කරන බවයි ආණ්ඩුව කියා සිටියේ.

මෙම විරෝධතාවය නිසා ඕල්කට් මාවතේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි වාර්තාවන්නේ.