ක්ෂණික ප්‍රතිකාර සඳහා නව එන්නතක් ආනයනයට පියවර

Sunday, 05 February 2017 - 12:51

%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%80+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
හදිසි හෘදයාබාධවලට ක්ෂණික ප්‍රතිකාර ලබාදී රෝගියා බේරාගැනීම සඳහා විදේශීය රටක නිෂ්පාදිත නව ඖෂධයක් මෙරටට ආනයනය කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශය තිරණය කර තිබෙනවා.

හෘදයාබාධය ඇති වී පැය 3ක් ඇතුලත මෙම එන්නත ලබා දිමෙන් රෝගීයා බේරා ගැනිමට හැකි විම මෙහි ඇති විශේෂත්වයක්.

රුපියල් එක්ලක්ෂ විසිදහසකට අළෙවි වන මෙම ඖෂධය ඊට වඩා අඩු මුදලකට මෙරටට ආනයනය කිරිම පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ හෘද රෝග විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.