ක්‍රීඩා උළෙල අතරතුරදී පැහැර ගත් පාසල් සිසුවා හමුවෙයි

Friday, 10 February 2017 - 6:51

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් අතරතුර පැහැර ගැනිමට ලක් වු පාසල් සිසුවා ඊයේ සොයා ගෙන තිබෙනවා.

ඒ පොලිසියේ සහ සිසුවාගේ ඥතින්ගේ මැදිහත් වීමෙන්.

කුලියාපිටිය සාරනාත් විද්‍යාලයේ කලා අංශයේ 13 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබු මෙම සිසුවා ඊයේ (09) පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අතරතුරදී පැහැර ගැනිමට ලක් වුණා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් තමන් පැහැර ගෙන ගොස් පහරදී නැවත කුලියාපිටිය නගරයට ගෙනවිත් දැමු බවයි සිසුවා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

පසුව සිදුකරන පරික්ෂණවලදී අනාවරණය වූයේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම සිසුවා පැහැර ගැනීමට ලක්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තුන්දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි කුලියාපිටිය පොලිසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, පානදුර - රාජකීය විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ පිරිසකගේ තර්ජන ඇති බවට පවසමින් එම විදුහලේ ප්‍රාථමික අංශයේ විදුහල්පතිනිය සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

දුරකථනය මගින් ඇයට මෙම තර්ජන එල්ල වී ඇති බවටයි පොලිසියට පැමිණිලි කර ඇත්තේ.