උතුර - නැගෙනහිර එක් කිරීමේ අවශ්‍යතාවක් නැහැ - ඉන්දියාව

Tuesday, 21 February 2017 - 12:55

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+-+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80
උතුරු - නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සඳහා ඉන්දියාව - ශ්‍රී ලංකාවට බලපෑමක් සිදුනොකරන බව ඉන්දීය විදේශ කටයුතු ලේකම් එස්. ජයශංකර් පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් සමඟ ඊයේ පැවැති සාකච්ඡාවේදියි.

ශ්‍රී ලංකාවේ දෙමළ බස කතා කරන බහුතරයක් වෙසෙන උතුරු - නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ යුතු බව 1987 ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුමෙන් යෝජනා කරන ලද්දක්.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව 2006 වසරේදී උතුරු - නැගෙනහිර පළාත් යළි වෙන් කිරීමට පියවර ගැනුණා.

උතුරු නැගෙනහිර පළාත් යළි එක් කිරීම සඳහා ඉන්දියාව මැදිහත් විය යුතු බව ප්‍රකාශ කර ඇත්තේ දෙමළ සන්ධානයේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය නියෝජනය කරන එහි නායකයා වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්දන් විසින්.

උතුරු - නැගෙනහිර එක්සත්ව තබා ගැනීම සඳහා ඉන්දියාව ප්‍රතිඥාවක් ලබාදී ඇති බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

එහෙත් ඉන්දීය විදේශ කටයුතු ලේකම් එස්. ජයශංකර් සඳහන් කර ඇත්තේ 1987 සිට අද දක්වා ශ්‍රී ලංකාවේ සිදුවී තිබෙන පරිවර්තනය එහිදී සැලකිල්ලට ගත යුතු බවයි.

විශේෂයෙන් දෙමළ ජනතාවගේ අයිතීන්ට ගරු කරන යහපාලන රජයක් පත්වීම ද එලෙස අවධානය කළ යුතු කරුණක් ලෙස ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා.