දැරණියගල ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක්

Thursday, 09 March 2017 - 12:37

%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
දැරණියගල - මාගල ප්‍රදේශයේදී සිදුවූ ද්විත්ව ඝාතනයට හේතුව ඉඩම් ආරවුලක් බවට අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 19 හැවිරිදි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම්වලදී මේ පිළිබඳව තොරතුරු හෙලිව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට සම්බන්ධ සැකකරු ශ්‍රීපාද රක්ෂිතයේ පහල කොටසේ අතහැර දැමූ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ අද අළුයමයි.

මොහු මෙම රක්ෂිතයේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායම් 05ක් ඊයේ පෙරවරුවේ සිට එහි මෙහෙයුම් ක්‍රියාත්මක කළා.

ඝාතනය සිදුවූ නිවස අසළ පදිංචි මෙම සැකකරු රැගෙන ආ ගමන් මල්ලක් එම නිවස තුළ තිබීයදී පොලීසිය පසුගියදා සොයාගත් අතර, එහි තිබී කාන්තා යට ඇඳුම් කිහිපයක් ද හමුවුණා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ දැනට තුවාල ලබා රෝහල් ගත කර සිටින නිවස හිමි කාන්තාව බැද තැබීම සඳහා අසළ නිවසක තිබූ රෙදි වැලක් මෙලෙස තමන් බෑගයක දමා සඟවාගෙන සිටි බවයි.

සැකකරු කිසියම් මානසික ආබාධයකින් පෙලෙන්නෙකු බවද පොලීසිය මීට පෙර ප්‍රකාශ කළා.

දැරණියගල - මාගල ප්‍රදේශයේදී හත්හැවිරිදි කුඩා දියණියක සහ 45 හැවිරිදි පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුණේ පසුගිය 6 වනදායි.

පහරකෑමෙන් දැරියගේ 41 හැවිරිදි මවද බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

මියගිය පුද්ගලයා මෙම කාන්තාවගේ ඥාතියෙකු ද වන අතර සිද්ධිය වූ දිනයේ ඔහු එම නිවසේ රැදී සිට ඇත්තේ නිවසේ හිමිකරු අවමංගල්‍ය උත්සවට සහභාගි වී යලි පැමිණෙන තුරුයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරු අද පස්වරුවේ අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.





කෝටි එකොළහකට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක්, පැය 24ක් ත්අඩංගුවට
Sunday, 05 July 2020 - 22:44

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු... Read More

වැඩිමල් සහෝදරයාගේ ජීවිතය උදුරාගත් දේපළ ආරවුල (වීඩියෝ)
Sunday, 05 July 2020 - 21:49

බුත්තල පැල්වත්ත පහේකනුව ප්‍රදේශයේ දේපල ආරවුලක් හේතුවෙන්... Read More

මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2076ක් දක්වා ඉහළට
Sunday, 05 July 2020 - 21:39

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2076ක් දක්වා... Read More