මහනුවර සිරිමල්වත් විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයක් කඩා වැටීමෙන් ගුරුවරියක් ද ඇතුලුව සිසුන් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද දහවල් 10.15 ට පමණ මෙලෙස වහලය කඩා වැටී ඇත්තේ මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සිසුන් පිරිසක් සිටි ගොඩනැගිල්ලකයි.
තුවාල ලැබු සිසුන් 4 දෙනෙකුගේ තත්වය තරමක් බරපතල බව ද සඳහන්.
තුවාල ලැබු සිසුන් සහ ගුරුවරිය මහනුවර සහ යක්ගහපිටිය රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.
වහලය කඩා වැටෙන අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ සිසුන් 43 දෙනෙකු අධ්‍යාපනය ලබමින් සිට ඇතැයි අප වාර්තාකරු සඳහන් කලා.
මෙම අනතුරෙන් තුවාල ලැබූ සිසුන්ගේ සුවදුක් විමසීම සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායකද මහනුවර ශික්ෂණ රෝහලට පැමිණි අතර, එහිදී ඔහු කියා සිටියේ මෙම අනතුරේ වගකීම භාරගන්නා බවයි.

Follow US

Most Viewed Stories