Z- D ඇලට වැටුණු අලින් දෙදෙනා ගොඩගත් පැය 24 මෙහෙයුම

Tuesday, 04 April 2017 - 14:33

Z-+D+%E0%B6%87%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8
බිමට ජලය සොයා පැමිණි අලියෙකු සහ අලි පැටවෙකු වැලිකන්ද Z- D ප්‍රධාන ඇලට වැටී තිබෙනවා.

පසුව වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව පැය 24 ක මෙහෙයුමකින් අනතුරුව මෙම සතුන් දෙදෙනා ගොඩ ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

වැලිකන්ද, මුතුවැල්ල ප්‍රදේශයේදි ඊයේ රාත්‍රී 10ට පමණ අලියා සහ අලි පැටවා ඇලට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එදින රාත්‍රීයේම අලි පැටවා ගොඩට ගෙන මුතුවැල්ල රක්ෂිතයට මුදා හැර ඇති අතර අනෙක් අලියා ගොඩ ගැනීමට යාමේදී වනජිවි නියාමකවරයෙකුට සර්පයෙකු දෂ්ඨකර ඔහුව රෝහල් ගත කිරීමට සිදුවීම හේතුවෙන් එම සත්වයා ගොඩගැනීම පමා වී තිබෙනවා.

අනතුරුව වනජිවි නිලධාරින් එක්ව අද උදෑසන අලියා කඹ හා ටයර් ආධාරයෙන් ගොඩ ගැනීමට උත්සහ කිරීමේදී එම උත්සාහයන් ව්‍යර්ථ වී තිබෙනවා.

පසුව ඇල මාර්ගය දිගේ කාසන්වැව ප්‍රදේශයට අලියා රැගෙන ගොස් ඇති අතර එහිදී අලි වෙඩි දමා සත්වයා වැලිකන්ද රක්‍ෂීතයට පලවා හැරිමට කටයුතුකර ඇති බවට වාර්තා වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories