අම්පාරේදී පොලිස් ගිනි අවිය පත්තු වී මව සහ පුතා රෝහලේ

Wednesday, 12 April 2017 - 7:50

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
අම්පාර - සමගිපුර ප්‍රදේශයේදී පොලිසියේ ගිනි අවිය පත්තුවීමෙන් මව සහ පුතා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහඔය පොලිසියේ නිලධාරින් පිරිසක් සමගිපුර ප්‍රදේශයට පිටත්ව ගොස් ඇත්තේ ඊයේ රාත්‍රීයේයි.

එහිදී කොල්ලකරු පොලිසියට පහරදී පලා යාමට උත්සාහ කර ඇති බවයි මහඔය පොලිසියේ නිලධාරියෙකු සඳහන් කළේ.

එම අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු සමඟ පොර බැදීමේදී ඔහු අත තිබූ ගිනි අවිය පත්තුවීමෙන් කොල්ලකරු සහ ඔහුගේ මව තුවාල ලබා තිබෙනවා.

ඔවුන් මහියංගනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.