ඇමරිකාව විසින් ලොව විශාලතම බෝම්බය ඇෆ්ගනිස්ථානයට දමයි

Friday, 14 April 2017 - 7:24

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA+%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
න්‍යෂ්ටික බෝම්බ හැරුණු කොට ඇමරිකාව ගැටුමකදී භාවිත කළ විශාලතම බෝම්බය ඊයේ ඇෆ්ගනිස්ථානයට හෙලා තිබෙනවා.

කිලෝග්‍රෑම් 9800 ක් බරැති මෝබ් හෙවත් සියලු බෝම්බ වල මව් බෝම්බය ලෙස හැඳින්වෙන මෙය ඇෆ්ගනිස්ථානයේ නන්ගර්හාර් ප්‍රාන්තයට හෙලා ඇත්තේ අයි.එස්. සන්නද්ධ පිරිස් ඉලක්ක කරගෙනයි.

අයි.එස් සංවිධානය මෙහි පවත්වාගෙන යන උමං පද්ධතියක් බෝම්බයේ ඉලක්කය වී තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන වෙලාවෙන් ඊයේ සන්ධ්‍යාවේ හෙලා ඇති දිගින් අඩි 30 ක් වන මෙම බෝම්බය මුලින්ම අත්හදා බලා ඇත්තේ 2003 වසරේදීයි.

අයි.එස් සන්නද්ධ කණ්ඩායම් නිදහසේ ඔබමොබ යාමට භාවිත කරන මෙම උමං පද්ධතිය ඇෆ්ගන් හමුදාවලට මෙන්ම එහි සිටි ඇමරිකානු යුද උපදේශකයන්ට ද තර්ජනයක් බවයි පෙන්ටගනය ප්‍රකාශ කළේ.

ඇමරිකානු විශේෂ බලකායට අයත් එම්.සී.130 වර්ගයේ දැවැන්ත ගුවන් යානයක් මෙම බෝම්බය හෙලීමට යොදා ගෙන තිබෙනවා.

ප්‍රථම වරට ගැටුමකදී යොදා ගත් මෙම බෝම්බය වියට්නාම යුද සමයේ හෙලන ලද බෝම්බවල වැඩි දියුණු කල මාදිලියක් ලෙසයි සැලකෙන්නේ.

ඇමරිකානු විශේෂ බලකායේ සෙබලෙකු නන්ගර්හාර් ප්‍රාන්තයේදී සන්නද්ධ ප්‍රහාරයකින් මියගොස් සතියක් ගත වීමට පෙර ට්‍රම්ප් පරිපාලන මෙම බෝම්බය යොදා ගැනීම විශේෂත්වයක්.








චීන කොරෝනා එන්නතේ තුන්වන අදියරේ මානව පරීක්ෂා විදෙස් රටවලදී
Sunday, 12 July 2020 - 14:02

කොවිඩ් 19 වෛරස් ආසාදනයට එරෙහිව චීන කැන්ෂිනෝ ජීව විද්‍යා නිෂ්පාදන... Read More

ජගත් ආරක්ෂක මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ලබන බදාදා
Sunday, 12 July 2020 - 13:05

යුද ගැටුම් පවතින යේමන වෙරළේ නවතා ඇති බොර තෙල් බැරල් එකොළොස්... Read More

ඉන්දියාවේ පැය 24ක් තුළ 28,000 කට වැඩි නව කොරෝනා ආසාදිතයන්
Sunday, 12 July 2020 - 10:54

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන්... Read More