නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ගැටළුවක්

Monday, 17 April 2017 - 9:17

%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් අක්‍රිය වී තිබෙනවා.

අද උදෑසන 6 ට පමණ සිදුවූ මෙම බිඳ වැටීමෙන් බදුල්ල, මාතර, මතුගම, අතුරුගිරිය, බෙලිඅත්ත ඇතුලූ ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුමට බාධා එල්ලවූ බවයි විදුලිබල මණ්ඩලය සඳහන් කළේ. 

කෙසේ වෙතත්  මේ වනවිට එම විදුලිය බිඳවැටීම යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ අක්‍රිය වූ විදුලි ජනන යන්ත්‍රය යළි පණගැන්වීම මේ වනවිට  අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.