හැටන්, කුඩාඔය දී ගැටුමකින් අයෙක් මරුට - සිව් දෙනෙකු තුවාල ලබයි (ඡායාරූප)

Wednesday, 19 April 2017 - 8:27

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%94%E0%B6%BA++%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හැටන් පොලිස් වසමේ කුඩාඔය  හින්දු කෝවිලක පැවැති ආගමික උත්සවයක් අවසානයේ ඇති වූ ගැටුමකින් එක් අයෙකු මිය ගොස් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙම ගැටුම හටගෙන තිබෙන බවයි හැටන් පොලීසිය ප්‍රකාශ කළේ.

මිය ගිය පුද්ගලයා කුඩාඔය ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි එක් දරු පියෙක් වන අතර තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා නාවලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.







ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ / චන්දන ජයවීර