මීතොටමුල්ලේ අවතැන්වූ පිරිසක් විතැන් වීම ප්‍රතික්ෂේප කරයි

Saturday, 22 April 2017 - 19:14

%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මීතොටමුල්ල සිද්ධියෙන් පසු නිවාස වලින් ඉවත් වී කොළොන්නාව - ටෙරන්ස් එන් ද සිල්වා විද්‍යාලයේ තාවකාලිකව රැදී සිටින පිරිසකට වෙනත් ස්ථානයකට යන ලෙස දැනුම්දීමත් සමග අද (22) උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඔවුන් තාවකාලිකව පදිංචි කිරීම සදහා මේ වනවිට සැකසෙමින් පවතින්නේ මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණයයි.

කසල කන්ද නායයාමෙන් සහ ඉන් අවදානමට ලක්වූ පුද්ගලයින් 315 දෙනෙකු මේ වනවිට කොළොන්නාව ටෙර්න්ස් එන් ද සිල්වා විද්‍යාලයේ පිහිටුවා ඇති සහන කදවුරේ රැදී සිටිනවා.

කදවුරේ රැදී සිටින පිරිසකට නිලධාරින් එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම්දීමත් සමග උණුසුම් සංවාදයක් ඇති වුණා.

කෙසේ වෙතත්, ඒ පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් සේනාධීර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ලබන සදුදා වනවිට මීතොටමුල්ල වී ගබඩා සංකීර්ණයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම, එහි තාවකාලික නිවාස 75 ක් ඉදිකිරීමට ද කටයුතු සංවිධාන කර ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

පාසල් වාරය ආරම්භ වීමෙන් පසු ටෙරන්ස් එන් ද සිල්වා විද්‍යාලයේ රදවා සිටින අවදානමට ලක්වූ පිරිස් වී ගබඩාවේ තාවකාලික නිවාසවල පදිංචි කරවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කදවුරේ රැදී සිටින පිරිස අදහස් පළ කළා.

ඔවුන් කියා සිටියේ වී ගබඩා සංකීර්ණය පැරණි බැවින් එහි ගොඩනැගිලි සුළගකට පවා ඔරොත්තු නොදෙන බවයි.

එමෙන්ම, එහි පහසුකම් ද නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

වී ගබඩා සංකීර්ණයට ගියහොත් එහි වසර කිහිපයක් රැදී සිටීමට සිදුවේදැයි සැකයක් පවතින බව ද එම පිරිස කියා සිටියා.

තමන්ට මහල් නිවාසයක් හෝ ස්ථිර නිවාසයක් ලබාදෙන ලෙසයි ඔවුන් එහිදී තවදුරටත් ඉල්ලා සිටියේ.