මීතොටමුල්ල කුණු කන්දෙන් ඇති වූ ගැටලූව විසදීමට තවත් රජයකට භාර නොදී ලබන වසර මුල් භාගය වනවිට අවසන් කිරීමට ආණ්ඩුව සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
වලස්මුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
පැවති මෙන්ම වත්මන් රජයද මෙහි වගකීම භාරගත යුතු බවත්, මෙම ගැටළුවට විසඳුමක් ලබාදිය යුතු බවට වන දැඩි ස්ථාවරයක රජය සිටින බව අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
මීතොටමුල්ල කුණු කන්දේ නාය ගිය කොටසේ ඉහළ සිට ස්ථාන 4 ක් පොලිතින් මගින් ආවරණය කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඉදිරියේදී වර්ෂාව ඇදහැලූණහොත් කුණු කන්ද කඩා වැටීම වැළැක්වීම සදහා එලෙස ආවරණයක් යොදා ඇති බවයි.
මේ අතර, මීතොටමුල්ල කසල කන්ද නායයාමෙන් පසු අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් කටයුතු සහ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු දස වන දිනටත් අද ක්‍රියාත්මක වනවා.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මීතොටමුල්ල ප්‍රදේශයේ මිතේන් වායු ඝණත්වය ඉහළ අගයක් ගන්නා බැවින් ඒ පිළිබදව වැඩි අවධානයක් යොමුකර එම කටයුතු සිදුකරන බවයි.

Follow US

Most Viewed Stories