නිදහස් පක්ෂයට තවත් ආසන සංවිධායකවරු පිරිසක්

Monday, 24 April 2017 - 14:05

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට පුරප්පාඩුව පවතින ආසන සංවිධායක ධුර සඳහා හෙට දිනයේදී තවත් පිරිසක් පත් කිරීමට නියමිතයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මීට අදාළ උපදෙස් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ ලබාදුන් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සඳහායි මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ.