මැයි 7 සිට 13 වන දා දක්වා වෙසක් සතියක්

Saturday, 29 April 2017 - 8:05

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+13+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ආගමික සමගිය සහ සාමය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දැක්ම ලෝක ඉස්ලාමීය නායකයින්ගේ පැසසුම හිමිව තිබෙනවා.

ඒ, ඊයේ පස්වරුවේ ජ්‍යෙෂ්ඨ ඉස්ලාම් නියෝජිතයින් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදියි.

මෙම අවස්ථාවට එක්වූ සෞදි අරාබියේ ඉස්ලාම් අමාත්‍යාංශයේ උපදේශක අබ්දුල් අසීස් අල් අම්රා ජනාධිපතිවරයා හමුවී සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආගමික සමගිය සහ සාමය පිළිබද ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයක් ගත හැකි බවයි.

එමෙන්ම නූතන රාජ්‍යයේ ප්‍රතිපත්ති යටතේ ශ්‍රී ලංකාව සහ ඉස්ලාම් ලෝකය අතර සබදතා ශක්තිමත් වී ඇති බව ද එම අවස්ථාවට එක්වූ මුස්ලිම් තරුණ ජාත්‍යන්තර සංගමයේ මහලේකම් සලිහ් නසීර් මොහොමඞ් අල් සලේ ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සදහා ඉදිරියේදී සෞදි අරාබි රජයේ ආධාර සැපයීමට සූදානම් බවයි එම අවස්ථාවට එක්වූ නියෝජිතයන් සදහන් කර ඇත්තේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුවේ සංවිධාන කටයුතු පිළිබද ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම අමාත්‍යවරුන් රැසක් ද එක්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ලෝක බෞද්ධ සමුළුව ලබන මස 12, 13, 14 යන දිනයන්හි ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති.

ලබන 12 වන දා මෙහි සමාරම්භක උළෙල පැවැත්වෙන අතර ඊට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ලොව බෞද්ධ රටවල විශේෂ නියෝජිතයින් රැසක් සහභාගිවීමට නියමිතයි.

සමාප්ති උළෙල මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වෙනවා.

ලබන මස 7 වන දා සිට 13 වන දා දක්වා සතිය වෙසක් සතිය ලෙස ද නම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.