කොළඹ මාර්ග 14ක වාහන නතර කිරීම තහනම්

Monday, 01 May 2017 - 8:06

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+14%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ලෝක කම්කරු දින සැමරුම් රැළි සහ පෙළපාලි වල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 20,000ක් යොදවා තිබෙනවා.

පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ මහනුවර ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 4000 ක් සහ කොළඹ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 7000 ක් යොදවා ඇති බවයි.

අද දිනයේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහාද විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.  

එමෙන්ම කොළඹ ප්‍රදේශයේ මාර්ග 14ක මැයි දින සැමරුම් අවසන් වන තුරු වාහන නවතා තැබීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කර තිබෙනවා.

ඒ අනුව සංඝරාජ මාවත,  මාළිගාවත්ත පාර, ජයන්ත වීරසේකර මාවත, පංචිකාවත්ත පාර, මරදාන පාර, ආනන්ද රාජකරුණා මාවත, උද්‍යාන මාවත, ආමර්වීදිය, බේස්ලයින් පාර, ගාලූ මැද පාර, මාකන් මාකර් මාවත, ජස්ටිස් අක්බාර් මාවත, යුනියන් පෙදෙස මාර්ගය සහ ගාමිණී වටරවුම සිට මරදාන පාලම් හන්දිය දක්වා මෙලෙස වාහන නවතා තැබීම තහනම් වනු ඇති.  

මෙම නීතිය උල්ලංගණය කරන රථ වාහන සඳහා නඩු පවරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

මේ අතර, මැයි රැළිවලට සහභාගි වන ජනතාවගේ පහසුව සඳහා අද දිනය තුල අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථවලින් ගාස්තු අය නොකිරිමට තීරණය කර ඇති බව අධිවේගි මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.  ඕපනායක සදහන් කළා.

එමෙන්ම අධිවේගී මාර්ගවලට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ.