අභිරහස් ලෙස මියගිය අයෙකුගේ සිරුරක් හමුවේ (ඡායාරූප)

Monday, 01 May 2017 - 13:45

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගල්කිරියාගම, බලලූවැව, කලාගමමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක තිබී ඊයේ (30) සොයාගෙන තිබෙනවා.

සිරුර සොයාගන්නා අවස්ථාවේදී එය දැඩි ලෙස නරක් වී තිබු බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ප්‍රදේශවාසීන් විසින් ගල්කිරියාගම පොලිස් ස්ථානයට කළ දැනුම් දීමකින් අනතුරුව මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ අංක 03, කලාගම ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙක්.

ඉකුත් 25 වනදා සිට මෙම පුද්ගලයා අතුරුදහන්ව සිට ඇති බව සදහන්.

අදාල පුද්ගලයාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිද  විසින්  ගල්කිරියාගම පොලිස් ස්ථානයට පැමිණීල්ලක් ද කර ඇති බව පොලිසිය පවසනවා.

සිරුර වැටී තිබූ ස්ථානය අවට පරීක්ෂා කිරීමේදී සිරුර තිබූ ස්ථානයට මදක් දුරින් වැටී තිබූ ලයිටරයක් හා බීඩි මිටියක් ද පොලිසියට හමුව තිබෙනවා.

මෙය සිය දිවි නසා ගැනීමක්ද නැතහොත් මිනීමැරුමක්ද යන්න පිළිබදව සැකයක් පවතින අතර මරණය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සදහන් කළේ.  



ඡායාරූප - කැකිරාව කුෂාන් ජයවර්ධන


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories