රක්නාලංකා ඉදිරියටත් පවත්වාගෙන යෑමට ජනපති, යෝජනා ඉල්ලයි

Wednesday, 03 May 2017 - 18:03

%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A++%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ඈවර කිරීම සඳහා තීරණය කර  ඇති රක්නා ලංකා ආයතනය තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට අද එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ රක්නා ලංකා ආයතනයේ සේවය කරන විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය උදෙසා එම ආයතනය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙසයි.

එසේම පැලවත්ත - අකුරේගොඩ ප්‍රදේශයේ ඉදි කෙරෙන යුද හමුදා මූලස්ථානය ලබන වසරේ විවෘත කිරීමට හැකි බව මෙහිදී අනාවරණ වුණා.

සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමට අදාළව වන්දි ගෙවීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.