හිඟුරක්ගොඩ අඳුරේ තැබූ තරුණයා පොලිස් භාරයට

Thursday, 04 May 2017 - 12:49

%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%85%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
පොළොන්නරුව - හිඟුරක්ගොඩ - දියබුබුළ ප්‍රදේශයේදී අඩි 150 ක් පමණ උස අධිබලැති විදුලි කණුවක් මත නැග විරෝධතාවයේ නිරතවූ තරුණයා බිමට බැසීමෙන් අනතුරුව පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ, පැය 12 කට පමණ පසුවයි.

හිගුරක්ගොඩ පොලීසිය සඳහන් කළේ කඹයක් ආධාරයෙන් මෙම තරුණයා සියදිවි නසාගැනීමට ද උත්සාහ කර  ඇති බවයි.

අනතුරුව අද දහවල් තරුණයා විදුලි කණුවෙන් බිමට බැසීමෙන් පසු පොලිස් භාරයට ගත් අතර, එම තරුණයා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ, ඔහු මේ වනවිට දැඩි විඩාවකට පත්වී සිටීම හේතුවෙන්.  

හිගුරක්ගොඩ පොලීසිය සඳහන් කළේ ප්‍රේම සබඳතාවක් හේතුවෙන් බදුල්ල ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි මෙම තරුණයා මෙම අධිබලැති විදුලි කණුව මත නැගී විරෝධතාවයේ නිරතවූ බවයි.

ඊයේ පස්වරුවේ සිට අදාළ තරුණයා  විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටුවීමටයි විදුලිබල මණ්ඩලය තීරණය කළේ.

ඒ අනුව පොළොන්නරුව, හිඟුරක්ගොඩ, මින්නේරිය, ජයන්තිපුර, මනම්පිටිය සහ වාලච්චේන ප්‍රදේශවලට විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගැනුනා.